33 C
Colombo
Friday, May 3, 2024

ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙක් – නි. පොලිස්පති යුවලක්

- Advertisement -

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකුට වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස එකවර උසස්වීම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙකු පත් කළ පළමු අවස්ථාව මෙයයි.

එලෙස නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත් කර ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කල රේණුකා ජයසුන්දර, නිශාන්ති සෙනවිරත්න සහ පද්මිණී වීරසූරියයි.

මීට පෙර බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිනියක් ලෙස පත්කෙරුණු අතර ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් පත් වී ඇත.

එමෙන්ම, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, නව නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය යටතට පත් කර ඇති අතර එම කාර්යංශය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් යටතට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මීට පෙර අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ පද්මිණී වීරසූරිය මහත්මිය  පත් කර ඇත්තේ පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙසයි.

මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කල නිශාන්ති සෙනවිරත්න මහත්මිය , පොලිස් පරීක්ෂණ හා සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් කර තිබෙනවා.

නිශාන්ති සෙනවිරත්න මහත්මියගේ සැමියා වන්නේ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතායි.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...