27 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් රැලි ගැන කලින්ම කියන කෘතිම බුද්ධියක් පේරාදෙණියෙන්

- Advertisement -

ඉදිරි දින 10 ඇතුළත වාර්තා විය හැකි කොවිඩ් ආසාදිතයන් සහ මරණ ගණන පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබෙනවා.

AI4COVID ලෙසින් හඳුන්වන මෙම වෙබ් අඩවිය සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම පූර්වෝකථන ක්‍රියාවලියට අවශ්‍ය දත්ත ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ දත්ත වලට අමතරව ඉතාලිය, ජපානය, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්තද යොදාගෙන ඇති බව වාර්තා වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර ඇති අතර ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් මෙය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, මැලේෂියාවේ තනාගා විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවද, කැනඩාවේ අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයද මේ සඳහා හිමිව තිබෙනවා.

මෙලෙසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ලබාදෙන තොරතුරුවල ඉහළ නිරවද්‍යතාවක් පවතින බව මෙතෙක් සිදුකළ පර්යේෂණවලින් තහවුරුවී ඇති බවත් මෙම වෙබ් අඩවිය මගින් ඉදිරි දින 10 ඇතුළත වර්ධනය වියහැකි ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ ගණන පිළිබ්ඳව පූර්වෝකථනය කිරීමට අමතරව වසංගතය හේතුවෙන් සිදුවූ සමාජ, ආර්ථික බලපෑම පිළිබඳවත් සොයා බැලීමට හැකිවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද මහතා පවසනවා.

කොරෝනා පුරෝකථන ලබාදෙන වෙබ් අඩවිය පිළිබඳ විස්තර https://covid.eng.pdn.ac.lk/covid-predictions ඔස්සේ ලබාගත හැක.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

සරසවි අනධ්‍යන සේවකයිනුත් 5 වැනි දිනටත් වර්ජනයේ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා. පසුගිය දෙවැනිදා සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළා. වැටුප...

ඉවසුවා ඇති කියා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙලා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...