25 C
Colombo
Sunday, May 19, 2024

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

- Advertisement -

මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

ඉදිකිරීම් නවතා ඇති මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කදඔළුවාව ප්‍රදේශය ආශ්‍රිත ඉදිකිරීම් කොටසක් පසුගියදා කඩා වැටුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, මීටර් 35 ක පමණ දිගකින් යුතු කොන්ක්‍රීට් බාල්කයක් පෙරළීමෙන් මෙය සිදුව ඇති අතර තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බවයි.

2021 වසරේ මෙම කොටසේ කොන්ක්‍රීට් බාල්ක සවිකර ඇති අතර බාල්කය පෙරළීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

එම අධිකාරිය පැවසුවේ පවතින අවදානම හමුවේ, කිලෝමීටර් 17 කින් යුත් සමස්ත මාර්ග කොටසේ ඇති සියලු බාල්කවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම හමුවේ අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගියදා නවතා දැමුණා.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...