31 C
Colombo
Friday, May 3, 2024

ගුරුවරු තුනෙන්, දෙකක් ඉල්ලයි

- Advertisement -

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීම් අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ කොළඹදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එලැඹෙන 21වනදාට ප්‍රථමව සිය ගැටලු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් නොයන බව‍යි වර්ජනයේ නිරත ගුරු-විදුහල්පති සංගම් පවසන්නේ.

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් ඉතිරි වැඩිවීම් දෙක 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කෙරුණද වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් ඊට එකඟ නොවීය.

මේ අතර, පාසල් ආරම්භ කිරීමේදී ගුරුවරුන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...