33 C
Colombo
Friday, May 3, 2024

මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ – මහ බැංකු අධිපති

- Advertisement -

වර්තමානයේ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කබ්රාල් මහතා පෙන්වා දුන්නේ එම භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවයි.

“ඔබ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් තොරතුරු දැනගන්න පුළුවන්, කොතරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා තියෙනවාද කියලා. මොකද අපිට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා දකින්න. අපි ඒක ගැන අවධානයෙන් කළමනාකරණය කරමින් ඉන්නේ. තෙල්, ගෑස් මිල වැඩිවුණේ මුදල් අච්චු ගහලා නෙමෙයි. වැඩිවෙන්න හේතුව සැපයුම් බලපෑම්. රුපියලේ අගය සහ පිටරටවල වෙනස්කම්.”

මේ අතර කොවිඩ් හේතුවෙන් අසාදු ලේඛනයට ඇතුළත් වී ඇති ව්‍යාපාරිකයන්ට සහන ලබාදීම සඳහා මහ බැංකුව විසින් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවත් ඉදිරියේදී ද ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මහ බැංකු අධිපතිවරයා පවසනවා.

මෙම වසරේ ශ්‍රී ලංකාව 5% ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...