33 C
Colombo
Friday, May 3, 2024

EPF ලැබෙන වයස ගැන කබරාල්ගෙන් පැහැදිළි කිරීමක්

- Advertisement -

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදෙනු ලැබුවා.

සකස් කරන ලද මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ කමිටුවේ දී අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සහභාගීත්වය ඇතිව තවදුරටත් සාකච්ඡාවට බඳුන් කරන ලදි.

එම කමිටුවේ දී එළඹී එකඟතාව පරිදි යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයන්ට උපරිම වශයෙන් අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් නියමිතයි.

මෙම තත්ත්වය තුළ වයස අවුරුදු 55 දී විශ්‍රාම යාමට සූදානම් සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ වයස අවුරුදු 55 දී ද නැත්නම් 60 දී ද යන කරුණ සම්බන්ධයෙන් සමාජය තුල ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

EPF මුදල් ආපසු ලබා ගත හැකි වයස් සීමාව අවුරුදු 55 බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ.

“ඕනෑම කෙනෙකුට ඕනෑම වයසක දී විශ්‍රාම යන්න පුළුවන්. සල්ලි EPF එකෙන් ගන්න පුළුවන් වෙන්නේ 55 දී. යම් පුද්ගලයෙකුට ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය නම් යන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 60 වෙනතුරු වැඩකරනවා නම්, ඒ වයස ‌දක්වා දැනට තියෙන නීතිය අනුව EPF ගෙවිය යුතු වෙනවා” යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...