33 C
Colombo
Friday, May 3, 2024

ඇෆ්ගනිස්තානයේ ආයෝජන ගැන චීනය දෙගිඩියාවෙන්

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුවී ඇත්තේ පසුගිය සතියේ කුන්දුස් හි දී ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන වෙසෙන උයිගුර් සම්භවයක් සහිත බෝම්බකරුවකු විසින් සිදුකර ඇති බව අනාවරණය වීමයි.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ආයෝජන සිදුකිරීම පිළිබද චීනයේ ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් විසින් දීර්ඝව විමසා බලමින් සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.

උයිගුර් සම්භවයක් සහිත පුද්ගලයන්ට ඇෆ්ගනිස්තානය තුළ පවතින ඉස්ලාම් සංවිධාන සමග එක්ව කටයුතු කිරීමට ඉඩ නොදෙන බවට තලේබාන් සංවිධානය චීනයට පොරොන්දුවක් ද ලබාදී තිබේ.

එහෙත් එම පොරොන්දුව නිසි ආකාරයෙන් ඉටුකිරිමට තලේබාන් සංවිධානය අපොහොසත් වී ඇති බැවින් චීනය ඒ සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...