32 C
Colombo
Tuesday, May 7, 2024

අදත් මහර බන්ධනාගාරයේ මෙහෙයුම්

- Advertisement -

පෙරේදා (29) සිට මහර බන්ධනාගාර රැදවියන් අතර පවත්නා නොසන්සුන්තාවය මැඩපැවැත්වීම සදහා අද බන්ධනාගාරය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි අදාල මෙහෙයුම පොලිස්පති C.D.වික්‍රමරත්න මහතා විසින් මෙහෙයවා තිබෙනවා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් සමග පොලීසිය, විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අද දිනයේත් නොසන්සුන්ව සිටි බන්ධනාගාර රැදවියන් පිරිස පාලනය කර තිබෙනවා.
අනතුරුව අද මධ්‍යහ්නයේ ඔවුන්ව බන්ධනාගාර බලධාරීන් වෙත භාර දුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම මෙහෙයුම සදහා ආසන්න වශයෙන් ආරක්ෂක අංශ නිලධාරීන් 600 ක් පමණ සහභාගීවී සිට ඇති අතර ඔවුන් කොවිඩ් 19 වලින් වැළකීම සඳහා භාවිතා කරන PPE KIT වලින් සැරසී සිට තිබෙනවා.
මෙහෙයුම අතරතුර පිරිස මර්දනය කිරීම සදහා කදුළු ගෑස්ද භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහෙයුම පැවැත්වෙන අතරතුර හෙලිකොප්ටර් යානයක් කිහිප වතාවක් මහර බන්ධනාගාරය ඉහළ අහසේ සැරිසරමින් අභ්‍යන්තර තත්ත්වය නිරීක්ෂණය කිරීමක්ද සිදුකළා.
තොරතුරු වාර්තාවන ආකාරයට අද රාත්‍රියේත් තවත් රැදවියන් පිරිසක් මහර බන්ධනාගාරයෙන් රැගෙන යාමට නියමතයි.

මහර බන්ධනාගාර ගැටුමෙන් මේ වන විට රැදවියන් 11 දෙනෙක් මියගොස් 117 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූවන් අතරින් 105 දෙනෙක් රැදවියන් වනවා.
පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

වෙල්ගමට මාස තුනක නිවාඩුවක්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...