34 C
Colombo
Friday, May 3, 2024

ලොහාන්ගේ සිද්ධිය ගැන කඩිනම් විමර්ශනයක් කිරීමට අධිකරණ නියෝගයක්

- Advertisement -

TTE ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(21) පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.

ඒ, පෙත්සම්කාර LTTE රැඳවියන් 8 දෙනා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට අවසර දෙමින්.

ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද(21) කැඳවූ අතර පෙත්සම්කරුවන් වහාම අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල එහිදී බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාට නියෝග කළේ.

පෙත්සම් විභාගය ලබන පෙබරවාරි 15 වැනිදා ආරම්භ කිරීමට ද එහිදී දින නියම විය.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...