33 C
Colombo
Friday, May 3, 2024

සමාජ මාධ්‍ය පාලනය කරන්නැයි පොහොට්ටු ලේකම් ඉල්ලයි

- Advertisement -

ඉතා වැරදි සහ වෛරී මත පැතිරවීම් සමාජ මාධ්‍ය හරහා සිදුවන බැවින් සමාජ මාධ්‍ය නියාමනයකට ලක් කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ, ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින්.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසිඳු නීති රාමුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තරුණ පරපුරේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවත් ඔවුන් පුවත්පත් කියවීමෙන් සහ රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමෙන් බොහෝදුරට ඈත්වෙච්ච පිරිසක් හෙයින් තමන්ගෙ තොරතුරු ලබාගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් ඔහු පවසනවා.

“මේ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු යෑම මං හිතන්නෙ මේ රටට වින කරන, මේ රටේ ස්ථාවරභාවය නැතිකරන පිරිස් එය ඉතාම හොඳ අවස්ථාවක් කරගෙන, එය තෝතැන්නක් කරගෙන තියෙනවා. අපි දන්නවා මේ රටේ නිදහසෙන් පස්සෙ මේ රට වඩාත්ම සංවර්ධනය කරපු නායකයා මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමාට එරෙහිව සමාජ මාධ්‍ය කොහොමද කටයුතු කළේ කියලා පහුගිය කාලේ. අද වනවිටත් එවැනිම වූ තත්වයක් සමාජ මාධ්‍ය තුළ නැවත ඇතිකරමින් ක්‍රියාත්මක කරමින් යනවා.

ඒක නිසා මම යෝජනා කරන්න කැමතියි මේ සමාජ මාධ්‍යවල පළවන තොරතුරු – මම කියන්නෙ සමාජ මාධ්‍ය තහනම් කරන්න කියන එක නෙවෙයි – මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සොයලා ඒ තොරතුරේ අඩංගු කරුණු සම්බන්ධයෙන් යම්කිසි ආයතනයක් මගින් සොයලා එහි නිවැරදිතාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් නියාමනයක් කරන්න පුළුවන් නම් මං හිතන්නෙ මේ රටට කරන සුගතියක්, මේ රටට කරන උදව්වක්”

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...