28 C
Colombo
Saturday, May 4, 2024

තලේබාන් සංවිධානයට ඇෆ්ගනිස්තානය පාලනය කර ගැනීමට නොහැකි වනු ලකුණු

- Advertisement -

තලේබාන් සංවිධානයට ඇෆ්ගනිස්තානය නීතිය හා මහජන සාමය ආරක්ෂා වන රටක් ලෙස පාලනය කර ගැනීමට නොහැකි වනු ඇති බවට වාර්තා පලවී තිබේ.

ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානය තුළ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් ඇති බවයි.

මෑතකදී කුන්දුස් සහ කන්දහාර් ප්‍රාන්තවල ෂියා මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් එල්ල වූ අතර ඉන් විශාල පිරිසක් මියගියහ.

ඊට අමතරව තලේබාන් සංවිධානය ඉලක්ක කරගත් හුදකලා ප්‍රහාර රැසක් පිළිබදවද වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිරියාව සහ ඉරාකය පදනම් කරගත් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් මේ වනවිට ඇෆ්ගනිස්තානය තුල හිස ඔසවමින් ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී ඇෆ්ගනිස්තානයේ තත්වය තවත් අයහපත් වනු ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...