32 C
Colombo
Monday, May 6, 2024

අවුරුදු 16ත් 19ත් අතර සිසුන් එන්නත්කරණය ඇරඹෙයි (වීඩියෝ)

- Advertisement -

අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ කෙරුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව අවුරුදු 16,17,18 සහ 19 යන වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ එම එන්නත්කරණ වැඩසටහන සඳහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...