27 C
Colombo
Friday, May 3, 2024

රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් සිරිල් ගාමිණි පියතුමාට එරෙහිව රහස් පොලීසියට පැමිණිල්ලක්

- Advertisement -

2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය පිළිබදව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ 2021.10.23 පැවති සාකච්ඡාවකදී සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් පවසා තිබුණේ පාස්කු ප්‍රහාරයට නායකත්ව ලබාදුන් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බවයි.

සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීම සඳහා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර ඇති බව එම සාකච්ඡාවේදී සිරිල් ගාමිණි පියතුමන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම ප්‍රකාශවලට එරෙහිව පැමිණිල්ලක් සිදුකරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙය තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති අසත්‍ය චෝදනා බවටද සදහන් කර තිබෙනවා.

එම චෝදනාවල අරමුණ වන්නේ, පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම ඔහුගේ කීර්ති නාමයට හානි සිදුකිරීමටත් ඔහුගේ ජීවිතය මෙන්ම පවුලේ අයගේ ජීවිතය ද අනතුරේ හෙළීමක් බවද පැමිණිල්ලේ සදහන්.

කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමඟ කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව සදහන් කරන සලේ මහතා පැමිණිල්ලෙන් සදහන් කර ඇත්තේ මෙබදු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන් මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන බුද්ධි නිලධාරින් හට ද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

සා. පෙළ අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...