33 C
Colombo
Friday, May 3, 2024

‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය ඥාණසාර හිමිට

- Advertisement -

ජනාධිපතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ” පිහිටුවා තිබෙනවා.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර තිබීම විශේෂත්වයක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය දරනවා.

ඊයේ (27) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පත්කල මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කර ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මීට අදාළව සකස් කරන ලද නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයන කොට ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධනයන් වේ නම් ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන රාජකාරී වනවා.

මසකට වරක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙසත් අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි මස 28 වැනි දිනට හෝ ඊට පෙර ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ සදහන් වනවා.

කෙසේ වෙතත් මෙම සාමාජිකයින් 13 දෙනා අතර කිසිදු දෙමළ ජාතික නියෝජනයක් නොමැතිවීමද විශේෂත්වයක්

එම ගැසට් නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...