සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා ඇතුළු වීමේදී කොවිඩ් මර්දන එන්නත් කාඩ් පත පෙන්වීම අනිවාර්යය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
නමුත්, එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
“මේක සාකච්ඡා වෙමින් පවතිනවා. නමුත් මේක මම කලිනුත් කියලා තියෙනවා මේකේ තියෙන ප්‍රායෝගික තත්ත්වය. මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ. සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අවශ්‍ය කරන විදියට වාතාවරණය ගොඩනැඟුණොත් සමහර විට ඉදිරියේ දී ඒක ක්‍රියාත්මක වේවි. නමුත් නුදුරු අනාගතයේ එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන නෑ.”