28 C
Colombo
Saturday, May 4, 2024

ඇමති දයාසිරිගෙන් දිලිත් ජයවීරට චෝදනා (වීඩියෝ)

- Advertisement -

රසායනික පොහොර වලින් කාබනික පොහොරවලට මාරුවීම සඳහා ආණ්ඩුවට උපදෙස් ලබාදෙනු ලැබූවේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හා මහාචාර්ය යාපා මහතාත් බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඒ මහතා සදහන් කළේ වර්තමානයේ ඇතිවී ඇති පොහොර අර්බුදයට ඔවුන් වගකිවයුතු බවයි.

මෙරට නිරෝධායන නීති අනුව ප්‍රතික්ෂේපවී ඇති පොහොර නැව යළිත් වරක් මෙරටට ගොඩබෑමට දරණ උත්සහය නීති විරෝධී බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙනවා.

ඔහු සඳහන් කරන්නේ චීනයට හෝ වෙනත් රටකට මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට පොහොර හෝ වෙනත් යමක් ගෙනත් දැමිය නොහැකි බවයි.

එය සමාන වන්නේ ඉන්දියාවෙන් මෙරටට ගුවනින් පරිප්පු දැමු සිදුවීමට බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...