32 C
Colombo
Monday, May 6, 2024

‘බුරවි’ සුළි කුණාටුව අද පස්වරුවේ නැගෙනහිරෙන් දිවයිනට

- Advertisement -

බුරේවි සුළි කුණාටුව මේ වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබෙන අතර, හානි වැළැක්වීම සහ අවම කිරීම සඳහා උපරිම හා කඩිනම් පියවර ගන්නා ලෙස රජය අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අද සවස 7 පමණ වන විට සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් ඇතුළු වන බව මේ වන විට අපේක්ෂා කෙරෙනවා.
මේ හේතුවෙන් මුහුදු රළ වැඩිවීමට හේතු විය හැකි බැවින් ධීවර ප්‍රජාව තම බෝට්ටු සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස රජයේ ඉල්ලා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු පළාත හැරුණු විට අනෙකුත් සියලුම පළාත්වලට සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවයි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් එක්ව මෙම සුළිකුණාටුව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පස්වරු 3 සිට විකාශය කිරීමට නියමතයි.
එම වැඩසටහන News 19 Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

‘බුරවි’ සුළි කුණාටුව මේ වන විට සක්‍රීයව ඇති ආකාරය පහත සබැදියෙන් බලන්න.

https://zoom.earth/storms/burevi-2020/


RECENT ARTICLES - SINHALA

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...