34 C
Colombo
Friday, May 3, 2024

69 ලක්ෂයකට කෙළෙහිගුණ දක්වන්නෙ මෙහෙමද? – සජිත්

- Advertisement -

දහසක් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ මෙසේ දැයි විමසිය යුතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගොවි ජනතාව පාරට ඇද දමා, ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට වත්මන් රජය විසින් රට පත් කොට ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා විසින් මාතලේ තොටගමුව වෙල්යාය අසල ඊයේ (28) සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින්.

මීට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

ජනතාවට එදාවේලවත් පිරිමසා ගත නොහැකි මට්ටමට රට පත් කොට පෝලිම් යුගයක් නිර්මාණය කළ රජය, ඒ අතරේ ගොවි ජනතාවට සිදු කොට ඇති විනාශය සාහසික විනාශයක් බවත්

මැති ඇමතිවරුන් ගොස් තානාපතිවරුන් ළඟ දණ ගසා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂනායකවරයා පවසනවා.

රටේ අභිමානය තුට්ටු දෙකට දැමූ ආණ්ඩුවේ පුහු දේශප්‍රේමීත්වය මේ වන විට රටටම පෙනී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටේ ගොවි ජනතාව රැක ගැනීමේ, කෙත්වතු සරුසාර කිරීමේ වගකීම සමගි ජන බලවේගය භාර ගන්නා බව ද බවත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...