32 C
Colombo
Monday, May 6, 2024

නායේ යෑම් නිවේදන නොසලකන අය බලහත්කාරයෙන් ඉවතට

- Advertisement -

නායයාමේ අනතුරු ගැන රතු නිවේදන නිකුත් කර තිබියදීත් එම අවවාද නොතකා එම ස්ථානවලම රැදී සිටින පිරිස් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අවධාරණය කරනවා.

ඒ, අද (11) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව උපදෙස් නොතකා රැඳී සිටින පිරිස් පොලීසියේ සහයෙන් ඉවත් කිරීමට දිසාපතිවරුන්ට අවසර දී තිබෙන බවයි රණසිංහ මහතා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා,

”ජනතාවට දෙන්න තියෙන අවසන් පණිවිඩය තමයි කරුණාකරලා ලබා දී තිබෙන උපදෙස් අනුව කටයුතු කරන්න.අවවාද පිළිගන්න. ඉවත් වෙන්න කියල දැනුවත් කළාම වහාම ඉවත් වෙන්න. කඳු තරණය කරන්න විනෝද වෙන්න යන්න එපා. නායේ යෑම් ගැන රතු නිවේදන නිකුත් කරලා තියෙද්දී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවා නම් ඉතාමත් පැහැදිලිවම පොලිස්පතිතුමාටත් මේ ගැන දැනුවත් කරලා තිබෙනවා. අවවාද පිළිනොගන්නේ නම් ඉවත් නොවන්නේ නම් දිසාපතිවරුන්ට බලය පවරලා තියෙනවා අනිවාර්යයෙන්ම පොලීසිය යොදවල උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවෙනවා. ජාතික ආරක්ෂාව අනුව එය කරන්න සිදුවෙනවා. ජනතාවගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහජන ආරක්ෂාව ලබා දීම අපේ වගකීම. ”

RECENT ARTICLES - SINHALA

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...