33 C
Colombo
Friday, May 3, 2024

වීරකුමාර, පියසිරි සහ රොජර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

- Advertisement -

හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළා.

ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි එල්ලකළ චෝදනා සම්බන්ධයෙනි.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

මෙහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අනතුරුව නඩු විභාගය මාර්තු මස 07 වනදා පැවැත්වීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම සදහා එම වරෙන්තු නිකුත් කළා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ, තුම් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...