33 C
Colombo
Friday, May 3, 2024

මුතුරාජවෙල පර්චස් 65,000ක් පුද්ගලික සමාගමකට

- Advertisement -

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙන් පර්චස් හැට පන් දහස් එකසිය දෙකක භූමි ප්‍රමාණයක්, පර්චසය රුපියල් 500 බැගින් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඉහළ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදීගැනීම කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, එම ක්‍රියාදාමය සඳහා උදව් කර ඇතැයි පැවසෙන ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොතිබීම පිළිබඳව කෝපා කමිටුව විමතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මග හැර ඇති අතර ඒ පිළිබඳව කෝප කමිටුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කර ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන්වේ.

එමෙන්ම, අදාල පරිසර සංවේදී කලාපයට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස්දී තිබෙනවා.

හෙක්ටයාර් 6232ක භූමි භාගයකින් යුතු මුතුරාජවෙල වගුරු බිමෙහි හෙක්ටයාර් 3068ක් තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.

එසේ තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන්වී තිබියදී 2016.9.9 නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශයෙන් කොටසක් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සිද්ධියක් සම්බන්ධවද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමිමුව ඇත.

RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...