33 C
Colombo
Friday, May 3, 2024

කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 6ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

- Advertisement -

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් 04 දෙනෙකුද සිටින බවයි.

අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙන් ඒ හරහා ගමන් කිරීමට යොදා තිබූ පාලම් පාරුවක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 7.30ට පමණයි.

ඒ වනවිට අදාළ පාරුවේ පාසල් ළමුන් ඇතුළු මගීන් 25ත් 35ත් අතර පිරිසක් ගමන්කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවා.

අනතුරත් සමග ප්‍රදේශවාසීන්, පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දියේ ගිලී සිටි 20 දෙනෙකු බේරාගෙන කින්නියා රෝහලට ඇතුළත්කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ අතරින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු පාසල් ළමුන් බවයි.

අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයාගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 08 ක් යොදවා තිබෙනවා.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති අතරතුර මෙවැනි අනතුරු වැළැක්වීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...