28 C
Colombo
Saturday, May 4, 2024

පිරිසකගේ අයිතීන් අහෝසි කරන්න ජනාධිපති සූදානමෙන්..!

- Advertisement -

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලට වර්ෂාවෙන් බාධා සිදුවීමත් ඇතැම් නිලධා‍රීන්ගේ උනන්දුව මද කමත් නිසා එය කල් දැමීමට සිදුවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ නමුත් ප්‍රතිපත්තියක් ලෙසට එය ඉදිරියටත් ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම, පුනර්ජනනීය බලශ්හක්තිය හරහා ඉන්ධන අර්බුධයටද විසඳුමක් සොයා ගන්නා බවත් ඔහු පවසනවා.

“එදා පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද රට පාලනය කළේ? අපි ශක්තිමත් ආරක්ශක සේවාවක්, බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණු නිසයි යුද්ධය දින්නේ. නමුත් ඒ අය බලයට ඇවිල්ලා මේවා නැති කරලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කරන්න ගිහින් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු උනේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කොමිසමෙන් පැහැදිළිව කියලා තියෙනවා කවුද වැරදි කියලා. එවකට ජනාධිපති, අගමැති ප්‍රහාරයට වග කියන්න ඕනෙ බව එහි පැහැදිළිව කියලා තියෙනවා. අපි ඒවා පාර්ලිමේන්තුවට, සීඅයිඩියට, නීතිපතිට යොමු කරලා තියෙනවා ඒ අයට නිසි දඬුවම් ලබාදෙන්න.

අපිට බෑ මේ අයට-මේ අයට දඬුවම් දෙන්න කියන්න. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින්ම කරන්න ඕනෙ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පණතක් ගෙනල්ලා, ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරන්න පුළුවන්. ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට 2/3ක බලය තියෙනවා. ඉතින් එක එක ඒවා ඉල්ලන කොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...