33 C
Colombo
Friday, May 3, 2024

අබුඩාබි T10 තරඟාවලියේ ශූරතාවය ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායමට – තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා වනිදු

- Advertisement -

2021 අබුඩාබි T10 තරඟාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායම ඊයේ (04) රාත්‍රීයේ සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේදී දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56කින් පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි බුල්ස් නායක ඩ්වේන් බ්‍රාවෝ පළමුවෙන් පන්දුවට පහරදීමට ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායමට ආරම්භ කළා.

කෙසේ වෙතත් එම තීරණය නිවැරදි තීරණයක් නොවන බව පසක් කරමින් ආරම්භයේ සිටම පිටිය පුරාවට දැවැන්ත පහරවල් එල්ල කරමින් ගිනිකෙළි සන්දර්ශනයක් සේ ලකුණු රැස් කිරීමට ග්ලැඩියේටර් ආරම්භ පිතිකරුවන් වූ නායක ඇන්ඩි රසල් සහ ටොම් කෝලර් පියවර ගත්තා.

ඉනිමේ ආරම්භක පන්දුවේ සිට අවසන් පන්දුව දක්වාම පිටියේ රැදී සිටිමින් ඔවුන් දෙදෙනා නොබිදුනු ලකුණු 159ක සම්බන්ධතාවයක් පැවැත්වූයේ අබුඩාබි T10 තරඟාවලියේ තරඟයකදි කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අලුත් කරමින්.

එමෙන්ම එම ලකුණු සංඛ්‍යාව අබුඩාබි T10 තරඟාවලි ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා පැවති හොදම සම්බන්ධතාවයයි.

එහිදි එදා මෙදාතුර ක්‍රිකට් පිටියේ දුටු ප්‍රවේගකාරිම ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ඩි රසල් පන්දු 32ක් තුළ ලකුණු 90ක් රැස්කළේ දැවැන්ත හයේ පහරවල් 07ක් සහ හතරේ පහර 09ක් එල්ල කරමින්.

ඔහුට අනගි සහයක් ලබාදුන් ටොම් කෝලර් ටෝම් කොලර් පන්දු 28ක් තුළ ලකුණු 59ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 03ක් එල්ල කරමින්.

ඒ අනුව නියමිත පන්දුවාර 10 අවසානයේ ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායම ලකුණු 159 ක් ලබාගත්තේ තරඟාවලි ඉතිහාසයේ දැවැන්තම ඉලක්කය දිල්ලි බුල්ස් කණ්ඩායමට ලබාදෙමින්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසී දිල්ලි බූල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

එහිදි වැඩිම ලකුණු ලාභියා වූ චන්ද්‍රපොල් හෙම්රාජ් පන්දු 20ක් තුළ ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදි තරඟාවලිය පුරා මැජික් පෙන්වූ ලොව අංක එකේ T20 පන්දු යවන්නා වන වනිදු හසරංග සිය පන්දුවාර 02ක තුළ ලකුණු 20කට කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව වනිදු මෙවර අබුඩාබි T10 තරගාවලියේ ලබාගත් මුළු කඩුලු සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගියේ T10 තරග ඉතිහාසයේ එක් තරඟාවලියක් තුළ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම කඩුලු ගණනේ වාර්තාවද යළි අලුත් කරමින්.

අවසන් මහා තරඟයේ වීරයා සම්මානය ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායමේ නායක ඇන්ඩි රසල් දිනාගත් අතර තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය හිමිවූයේ වනිදු හසරංගටයි.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...