34 C
Colombo
Friday, May 3, 2024

හොර වෙද්දුන්ට වෙනම වෛද්‍ය සභාවක්..

- Advertisement -

පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම වෙනුවට ඔවුන් සඳහා දේශීය වෛද්‍ය සභාවක් වෙනම පිහිටුවීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කටයුතු කරමින් සිටින බවට ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති.


පාරම්පරික වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් විද්‍යාත්මකභාවයෙන් තොර වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව ආයුර්වේද වෛද්‍ය සභාව ක්‍රියා කිරීම මෙවැනි පියවරකට යෑමට හේතු වී ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘නිව්ස්19’ වෙත අද(6) පැවැසීය. 

ධම්මික බණ්ඩාර නමැත්තෙකු කොවිඞ් මර්දනයට සොයාගත් බව කියන ඖෂධ සංයෝගය දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික කමිටුව විසින් ප්‍රශ්න කරනු ලැබ ඇතැයි ද එහිදී ඔහු එම සංයෝගය දෙවියන්ගෙන් ලැබුණු එකක් බව පවසා ඇතැයි ද එම නිලධාරියා කීය.


අදාළ සංයෝගයට කමිටු අනුමැතිය ලැබී ඇත්තේ ආහාර අතිරේකයක් හැටියට පමණක් යැයි කී හෙතෙම මේ නිසා ආයුර්වේද වෛද්‍ය සභාව ඉලක්ක කරගෙන දේශපාලන විවේචන කිරීමට ඇතැමුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි ද කීය.


කොවිඞ් මර්දනයට මුවා වී කූට වෙළෙඳුන් හා ජාවාරම්කරුවන් ඖෂධ නමින් ව්‍යාජ සංයෝග ඉදිරිපත් කිරීම බරපතල යැයි ද රජය කළයුත්තේ එවැනි දේ ගැන සොයාබැලීම මිස ඊට උඩගෙඩි දීම නොවන්නේ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...