27 C
Colombo
Monday, May 6, 2024

සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්ට කොවිඩ්

- Advertisement -

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤ ජාතික රෆායල් නඩාල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගීවී යළිත් සිය රට වෙත පසුගියදා පැමිණි අතර එරටදී සිදුකරන ලද PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හදුනාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් කොවිඩ් ආසාදිතයෙකු බවත් ඔහුගේ සමීපතමයන් මේ පණිවුඩය හරහා දැනුවත් කර සිටින බවත් සඳහන් කර තිබුණා.

රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟයේදී බ්‍රිතානයේ ඇන්ඩි මරේ හමුවේ පරාජයට පත් වුණා.

ඒ හේතුවෙන් නඩාල් හට එම තරඟාවලියෙන් ඉවත්ව යෑමට සිදුවීම නිසා ඔහු යළිත් සිය රටට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...