31 C
Colombo
Friday, May 3, 2024

ස්ත්‍රියට එරෙහි වාචික හිංසනයේ සැඟවුණු මුහුණුවර  (3 කොටස)

- Advertisement -

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු ස්ත්‍රීන් ද යම් කිසි අවස්ථාවක දුස්තොරතුරු හා වෛරී ප්‍රකාශවලට ලක්ව ඇති බව නොරහසකි. ඇය විවාහක ස්ත්‍රියක් නම් වෘත්තිය දක්ෂතාවය මත ඉදිරියට යන විට ඇය වටා සිටින පිරිමින් සම්බන්ධ කර ගනිමින් ඉතාමත් පහත් ලෙස ප්‍රචාරයන් ගෙන යයි. විවාහ නොවී සිටින ස්ත්‍රියක් නම් තව තවත් ස්ත්‍රීන් ද සම්බන්ධ කර මින් ප්‍රචාර සිදු කරයි. මෙවැනි දුස්තොරතුරු නිරන්තරයෙන් ප්‍රචාරය කොට ඒ හරහා ඇයගේ දක්ෂතාවය පහත් කර ලීමට බොහෝ උත්සහ දරයි.
මෙවැනි පසුබිමක් යටතේ ස්ත්‍රියට කිසියම් ක්ෂේත්‍රයක නායකත්වයක් දැරීම හෝ සාර්ථකව ඉදිරියට යාම සඳහා ස්ත්‍රීත්වය බාධාවක් වන්නේ ද යන්න ගැඹුරින් අධ්‍යයනයට ලක් කළ යුතු මාතෘකාවක් බවට පත්වී ඇත .ස්ත්‍රිය යන ඒ ගමනේදී දුස්තොරතුරු හා වෛරී ප්‍රකාශන කොතරම් දුරට ඇය කෙරෙහි බාධා කරන්නේද යන ප්‍රශ්නය ද මෙහිදී අවධානයට ලක්විය යුත්තකි.මෙබඳු හානිකර ප්‍රකාශ මගින් මගින් ස්‍ත්‍රියකගේ ගමන නැවැත්විය හැකි ද යන ප්‍රශ්නය ද මෙහිදී මතුවේ .
මේ පිළිබද යම් අධ්‍යනයක් කිරීමේ අරමුණින් මෙරට විවිධ වෘත්තීය හා සමාජ දේශපාලන ක්ෂෙත්‍ර වල ක්ෂේත්‍ර වල නිරතව සිටින ඉන් කිහිප දෙනෙකුගේ අත්දැකීම් කවරේදැයි විමසා බැලුවෙමු

    ඒ සඳහා විවිධ වෘත්තීන්හි නියැළෙන ස්ත්‍රීන් නියැදියක් ගෙන ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳ අධ්‍යනයක නිරත වීමු. විවිධ වෘත්තීන්හි නියැළෙන ස්ත්‍රීන් ඊට පිළිතුරු ලබා දුන් අතර කෙදිනක හෝ ඔබ වෘත්තීය මට්ටමින් වෛරී ප්‍රකාශවලට ලක්ව තිබේ ද යන්න විමසූ මුල් ම පැනයට 10 % ස්ත්‍රීන් පිරිසක් නැත. යන්න පිළිතුර ලබා දී ඇති අතර ඉතිරි 90% පිරිස වෘත්තීය ජීවිතය තුළ දි කිසියම් හෝ දුස්තොරතුරු හා වෛරී ප්‍රකාශවලට ලක්ව ඇති බවට අනාවරණය විය. පිළිතුරු ලබා දුන් අය අතර ගුරුවරියන් , අධිකරණ කළමනාකාර සහකාරවරියන් ,මාධ්‍යවේදිනියන් , හෙදියන් , නිතිඥවරියන් , වෛද්‍යවරියන් , පුද්ගලික ආයතන වල සේවය කරන ලිපිකාරිනියන් , ග්‍රැෆික් නිර්මානකාරිනියන් ඒ අතර සිටියහ.

එයින් වෘත්තීය ජීවිතයේ පීඩාවට ලක්වූ ස්ත්‍රී නියැදිය ගෙන ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න අසන ලදී. වෘත්තීය ජිවිතයේ වෛරී ප්‍රකාශ වලට හා දුස්තොරතුරු වලට ලක් වූ අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ද ඔවුන්ගෙන් විමසා සිටි අතර එහිදී බොහොමයක් පිළිතුරු අතර 65% ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීම, තම නිවැරැදිභාවය උදෙසා කතා කළ අය සිටි අතර 35% පමණ කාන්තාවන් නිහඬව සිටීම තෝරාගෙන තිබිණි. ” යම් පුද්ගලයෙක් වෛරී සහගතව කරන දෙයක් නිසා ඒ වෙනුවෙන් කිසිවක් කළේ නෑ . සන්සුන්ව මුහුණ දුන්නා.” , ” අදාළ අය සමඟ සෘජු කතා බහ ” , ” සමහර අවස්ථාවල දී නිහඩව සිටීම , නැත්නම් පිළිතුරු සැපයීම” , ” සමාජ මාධ්‍ය හරහා එම වෛරී ප්‍රකාශයන්ට මුහුණ දුන් හෙයින් නිවැරදිභාවය පිළිබඳව මාගේ මුහුණු පොත් ගිණුමේ සටහනක් තබන ලදී ” , ” sometimes ignored it and sometimes discussed with a closed friend or relative ” යන පිළිතුරු බොහොමයක් අය ලබා දී තිබිණි..

එවැනි අවස්ථාවක එම ගැටලුව මානසිකව කෙසේ බලපෑම් කළේ ද යන්න කරන ලද ප්‍රශ්න කිරිමේදී 50% පමණ පිරිසකට මානසිකව විශාල බලපෑමක් එල්ල වී ඇති අතර සමහර අයට විෂාදය ඇති වීමට පවා මෙම ගැටලු හේතු වීම කනගාටුවට කරුණකි. සමහර අවස්ථාවදී උපදේශනය පවා ලබා ගත් කාන්තාවන් මෙන් ම තමන් ස්වයංව එම ගැටලුවට හේතු වූ අය ජීවිතයෙන් ඈත් කර දැමීමට උත්සාහ කරමින් ඔවුන් එම ගැටලුවලින් මිදීමට කටයුතු කර තිබිණි. එහිදී 90 % පමණ ස්ත්‍රීන් එම සිදුවීම නොසලකා හැරීමට තරම් මානසික දියුණුවක් සලසා ගෙන තිබිණි. තවත් 10 % කොටසක් කෙසේ හෝ ගැටී තම නිවැරැදිභාවය ඔප්පු කර තිබු බව අනාවරණය විය. ” මානසිකව යම් කම්පනයක් ඇති වූ අවස්ථා බොහෝය . එවැනි අවස්ථාවක සහයට පැමිණීමට කෙනෙක් නොහැකි තරම් වේ.” , ” පීඩනයක් හා අනවශ්‍ය අයුරින් හෙළා දැකීම හේතුවෙන් කටයුතු වල දී නිසි අවධානය යොමු කිරීමට අපහසු වීම ” , ” ඒ වගේ දෙයක් වෙනකොට මානසික නොසන්සුන් බවක් එකවර ඇති වුණාට ඒක මානසික ස්වභාවය කියලා තේරුම් අරන් ඉන්න හැකියාව තිබුණා .” , ” එම ප්‍රශ්නය විසදා ගන්නකම් මානසික ආතතියක් ඇති විය.” , ” එය මානසික වශයෙන් ප්‍රබලව බලපෑ අතර මා වැරදි නොවුව ද මා හට වරදකාරී හැගීමක් ඇති විය.” , මෙලෙස පිළිතුරු බොහොමයක් ලැබී තිබු අතර ” කොහෙත්ම හිතන්න ගියේ නෑ ” , කිසිසේත් නැත ” යන පිළිතුරු පවා තිබිණි.

එසේම අවස්ථානුකූලව එම ගැටලුව ජීවිතයෙන් ඉවත් කර දැමුවේ කෙසේ ද යන්න අප ඔවුන්ගෙන් විමසා සිටියා. එහිදී ” සිතීමකින් තොරව එම ගැටළුව අමතක කරලීමෙන් ” , ” මට ඉහලින් බුද්ධිමත්ව හා දැනුමෙන් වැඩි මානුෂිය පුද්ගලයෙක් සමඟ එම මානසික කම්පනය හෝ අසාධාරණ ප්‍රකාශ කිරීම හා ස්වයන් අධ්‍යනයක නිරත වීම ” , ” සමීපතම අයෙකුට සිදු වූ සියල්ල පැවසීම හා ඉන් පසුව ඒ සම්බන්ධයෙන් කතා කිරීම හෝ අදාළ පාර්ශව සමඟ ගැටීම අවම කිරීම ” , ” කෙනෙක් වෛරයෙන් කරන දෙයක් මගේ ගමනට බාධාවක් කරගන්නේ නෑ . ඒ නිසා ඒ සිදුවීම් අමතක කරන්න මහන්සි වෙන්න ඕන උනේ නෑ .” ” මා විසින්ම හිතල මාව පාලනය කරගෙන එම සිද්ධිය අමතක කළා.” , ” මගේ මනසට මා නැවැරදි බව දිගින් දිගටම දැනෙන ලෙස මා මගේ සිතුම් පැතුම් වෙනස් කරගනා ලදී .” යන පිළිතුරු ලැබී තිබුණු අතර ” සම්පුර්ණයෙන්ම අතහැර දැමීම ” , ” වැඩකට නැති දෙයක් ලෙස සැලකීම” ලෙසට පිළිතුරු බොහොමයක් ලැබී තිබිණි.

අවසාන ලෙස එම සිදුවීම අනාගත වෘත්තීය ජීවිතයට කෙසේ බලපෑම් කළේ ද යන්න අප විමසා සිටි අතර එහිදී එහිදී 60% පමණ පිරිසකට තම වෘත්තියට බලපෑමක් ඇති නොවූ බව දන්වා සිටි අතර ඉතිරි 40% පිරිසකට රැකියාව එපා වන ලෙස යම් යම් බලපෑම් ඇති වූ බව සඳහන් කර තිබිණි. එහිදී ” සාක්ෂි නොමැති හුදෙක් කටකතා හෝ වෛරී සම්බන්ධ ප්‍රකාශ ක්‍රියා අනාගතයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව මගේ විශ්වාසයයි. ඒ විශ්වාසය මත මට වූ බලපෑම් අවම බව අත්දැකීමෙන් දනිමි.” , ” බලපෑමක් වුනේ නෑ . හේතුව වරදක් කරලා නැත්නම් සමාජයේ අනිත් අය මොනවා කිව්වත් වෘත්තීය ජිවිතයේ දී උනත් අපට ලැබිය යුතු නිසි තැන ලැබෙනවා.” , ” සමහර අවස්ථාවල දී වැඩ කිරීමට අපහසු වන අයුරින් බලපෑම් සිදු උනා. නමුත් මා සිත ශක්තිමත් කරගෙන කටයුතු කළා. ” , ” මගේ මනස මා සවිමත් කර ගැනීම හේතුවෙන් එයින් අනාගත වෘත්තීය ජිවිතයට බලපෑමක් සිදු උනේ නැත. ” , යනුවෙන් ධනාත්මකව එම ගැටලුවට මුහුණ දුන් ස්ත්‍රීන් ද සිටි අතර යම් තරමක් හෝ බලපෑමට ලක් වූ ස්ත්‍රීන් ද සිටියහ. ” වෘත්තීය තුළ ලැබීමට තිබු ඉගෙනීම් අවස්ථා හා උසස්වීම් මගහැරී යාම හා එයට සම්බන්ධ පාර්ශව විසින් අනවශ්‍ය ලෙස වැරදි ප්‍රතිරූපයක් මැවීමට උත්සහ දැරීම නිසා සම්බන්ධතා ගිළිහී යාම.” , ආයතනයේ රැදෙන්නට තරම් කැමැත්තක් නොමැති වීම ” , ” රැකියාවට තිබූ කැමැත්ත අඩු වීම ” , ” රැකියාව කිරීමට පවා එපා වීම ” , ” මනස ඒකාග්‍ර කරගත නොහැකි වීම ” , ” nothing ” , ” it is still in my mind and it is difficult to totally forget ” , වැනි පිළිතුරු ද බොහොමයක් ලැබී තිබිණි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රහාරයන්ට වැඩි වශයෙන්ම ගොදුරුව ඇත්තේ සමාජය සමග වැඩි සබඳතා ඇති ක්ෂෙත්‍ර යන්හි ක්‍රියාකාරීව සිටින වෘත්තිකයන්ට බවද මෙහිදී මෙහිදී හඳුනා ගැනීමට ලැබුණි.

අවසානයේ අප විමසුවේ එම සිදුවීම තම වෘත්තීය ජිවිතයේ හැරවුම් ලක්ෂයක් කරගෙන තවත් ඉදිරියට ගියා ද? නැතහොත් තම වෘත්තිය කඩා වැටීමට ලක් වුනා ද ? යනුවෙනි. ඒ සඳහා බහුත්‍රයකගේ ප්‍රතිචාරය වී තිබුණේ කුමන බාධක ආවද එය අවසානයේ හැරවුම් ලක්ෂයක් කර ගනිමින් ඉදිරියට යාමට ඔවුන් කටයුතු කළ බවය.
මෙම අධ්‍යයනය තුළ අපගේ මූලික අවධානය යොමු වූ ඉහත චරිත අධ්‍යයනය මගින් ද යම් ප්‍රමාණයකට එම මතය සනාථ වෙයි . එල්ල වූ විවිධ අභියෝග නොතකා මෙරට ව්‍යවස්ථාදායකයේ මෙන්ම විධායක බල ධූරාවලියේ ඉහළටම ගමන් කිරීමට ඒ දෙදෙනා සමත් වූහ. ස්ත්‍රීත්වය පදනම් කොටගෙන තම ක්ෂේත්‍රය තුළ එල්ලවූ විවිධ අභියෝග මධ්‍යයේ ඔවුහු තම ඉලක්ක කරා ගමන් කළහ. එහෙත් ඔවුනට එල්ල වූ අභියෝග කොතරම් දුරට ඔවුන් කෙරෙහි බලපෑවේ ද , ඊට මුහුණ දුන්නේ කෙසේද යනු අධ්‍යයනය කළ යුතු තවත් කරුණුය.

– හංසි නානායක්කාර –

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...