33 C
Colombo
Friday, May 3, 2024

ජනාධිපතිට අපහාස කළොත් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

- Advertisement -

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හෝ හුවමාරු කිරීමක් සිදුකල නොහැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

කිසියම් අයෙකු එසේ කළහොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

ජනාධිපතිවරයා මිරිහාන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට අපහාස වන අයුරින් පිරිසක් හූ කීමේ සිදුවීමට අදාළ දෑ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබදව අදහස් දක්වමින් නිහාල් තල්දූව මහතා මෙම අදහස් පලකළා.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව සදහන් කළේ සමාජ මාධ්‍ය ජාලයක් හරහා හුවමාරු වූ ඡායාරූප අඩංගු සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකාරියක් අත්අඩංගුවට ගන්නා ආකාරයෙන් තමන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

එහිදී පොලිස් නිලධාරීන් තමන්ගේ ජංගම දුරකතනයේ දත්තද ලබාගෙන මෙවැනි ක්‍රියාවන් නැවත සිදු නොකරන ලෙසට අවවාද කළ බවද ඇය සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් බවයි.

වාහලතන්ත්‍රී එදිරිව පොලිස්පති (SC/FR/768/2009) නඩුවේ තීන්දුව උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය නායකයින්ව හාස්‍යට, උපහාසයට හෝ අපහාසයට ලක්කිරීම අපරාධමය වරදක් නොවන බවයි.

එමෙන්ම මෙවන් හේතුවක් පාදක කරගෙන යම් කිසි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ දත්ත පිටපත් කරගැනීමේ හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බවද නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ChatGPT අක්‍රීයයි?

OpenAI ChatGPT ක්‍රියාකාරීත්වය ලොව පුරා අඩපණ වී ඇති බව වාර්තා වනවා. කිසියම් වූ තාක්ෂණික ගැටළුක් හේතුවෙන් පරිශීලකයින්ගේ සංවාද ඉතිහාසය (conversation history) සහ සැකසීම් විකල්ප (settings...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...