32 C
Colombo
Monday, May 6, 2024

විජය නිව්ස්පේපර්ස් ආයතනයේ 33කට කොවිඩ්

- Advertisement -

ලංකාදීප, අද, ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් පුවත්පත් අයත් වන විජය නිව්ස්පේපර්ස් ආයතනයේ සේවය කරන පුද්ගලයන් 33 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.

අදාල පුද්ගලයන් පුවත්පත් බෙදාහැරීමේ අංශයේ සේවය කරන සේවකයන් සහ රියදුරන් බව වාර්තා වේ.

විජය නිව්ස්පේපර් ආයතනයේ ප්‍රධානියා වන්නේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පියා වන රංජිත් විජේවර්ධන මහතාය.

විජය නිව්ස්පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදියෙකුට කොවිඩ්-19 ආසාදනය වූ බව මීට පෙරද වාර්තා විය.

(ඉහත කී පුවත්පත් කිහිපයට අමතරව තරුණයා, විජය, ටැමිල් මිටර්, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් ඇතුළු පුවත්පත් රැසක් මුද්‍රණය කරන විජය නිව්ස්පේපර්ස් ආයතනය ලංකාවේ වැඩිපුරම අලෙවි වන පුවත්පත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන ආයතනය වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් පුවත්පත් සියල්ලෙහි සංඛ්‍යාව එකතු කළද මුද්‍රණය අතින් විජය නිව්ස්පේපරේස් ආයතනයේ පුවත්පත් සංඛ්‍යාවට වඩා අඩු බවට පිළිගැනීමක් තිබේ. විජය පුවත්පත් ආයතනය ලංකාවේ ‘පත්තර රාජධානිය’ ලෙස සලකයි.)

RECENT ARTICLES - SINHALA

ලයිට් බිල ගැන ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස 3ක් තුළ රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ...

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...