32 C
Colombo
Monday, May 6, 2024

පාස්කු විමර්ශන ගැන කාදිනල්ගේ තරවටුවට සරත් වීරසේකර නීතිපති හමුවෙයි

- Advertisement -

පාස්කු විමර්ශන සම්බන්දයෙන් ඇතිව තිබෙන ප්‍රමාදයන් පිළිබදව සාකච්ඡා කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවුණා.
මෙහිදී පාස්කු දින එල්ලවූ බෝම්බ ප්‍රහාර 8 ක් පිළිබදව ආරක්ෂක අංශ මගින් සිදුකර ඇති විමර්ශන පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති ලිපිගොනු පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සහභාගී වුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාර තවදුරටත් ප්‍රමාදවීම පිළිබදව කාදිනල් හිමියන්ට සහ ජනතාවට කුකුසක් ඇතිව ඇති බවයි.
ඊට අදාල දර්ශන පහතින්,

පාස්කු විමර්ශන සම්බන්දයෙන් තමන් ඇතුළු කතෝලික ජනතාව කිසිදු ලෙසකින් සෑහීමකට පත් නොවන බවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා ප්‍රකාශ කළා.
ඒ සම්බන්දයෙන් රජය නිසිපරිදි ක්‍රියානොකරන්නේ නම් එහි වගකීම වෙනත් පාර්ශවයකට ලබාදෙන බවටද උන්වහන්සේ එහිදී සදහන් කළා.
ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක...

ලයිට් බිල ගැන ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස 3ක් තුළ රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ...

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...