33 C
Colombo
Friday, May 3, 2024

මහර බන්ධනාගාරයෙන් කොවිඞ් පැතිරීමේ අවදානමක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ රැඳවියන් නිදහස් කිරීමේදී අනාරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමෙන් කොවිඩ් රෝග ව්‍යාප්තියක අවදානමක් මතුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


දඩ මුදල් ගෙවා ගත නොහැකිව දඬුවම් ලැබූවන් හා දඬුවම් කාලය දීර්ඝ වූ රැඳවියන් නිදහස් කරගැනීමේදී මෙම තත්ත්වය උග්‍ර වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.


නියමිත දඩ මුදල් ගෙවීමෙන් පසු රැඳවියන් නිදහස් කිරීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකර ඔවුන් බන්ධනාගාරයේ බාහිර වාට්ටුවකට ඇතුලත් කරන්නේ යැයි ද ප්‍රතිඵල අනුව ආසාදිත බව තහවුරු වූවන් පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකරන්නේ යැයි ද කියති.


එහෙත් මෙසේ ආසාදිතවූවන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ ද ඔවුන් සමග සිටි සෙසු පිරිසට නිවෙස්වලට යන්නට ඉඩ ලැබෙන්නේ යැයි ද වාර්තා වේ.


එසේ නිදහස ලබන රැඳවියන් ගැන අදාළ සෞඛ්‍ය වෛද්‍ය බලධාරින්ට වාර්තා කිරීම සිදුකෙරෙන නමුත් ඔවුන්ගෙන් බාහිර සමාජයට කොවිඞ් ආසාදනය වීමේ අවදානම ගැන කිසිදු සැලකිල්ලක් යොමු කර නැතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිල නොවන අයුරින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.  

RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...