27 C
Colombo
Friday, May 3, 2024

තාප්පවල චිත්‍ර ඇදපු තරුණයින් දැන් වගාකරන්න එන්න – ජනපති

- Advertisement -

යම් යම් තීන්දු මහජන දුෂ්කරතාවන්ට හේතුවූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කිරීමට සිදු වුවද හරිත කෘෂිකර්මයක් සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද දින (18) 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමින්.

හරිත කෘෂිකර්මය කාබනික පොහොර වලට ලඝු කිරීම හරිත කෘෂිකර්මය අසාර්ථකවීමට හේතුවක් වූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

වස විසෙන් තොර ආහාර සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම රජයේ බලාපොරොත්තුව බවත් ඒ හරහා කෘෂිකර්මය ආශ්‍රිතව රැකියාවේ නියැලෙන්නන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවත් ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින් ආරාධනා කරන බවත් ජනපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...