33 C
Colombo
Friday, May 3, 2024

ක්වීන්ස්ලන්ත විශ්ව විශ්ව විද්‍යාලයේ උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට SLIIT වෙතින් අවස්ථාව

- Advertisement -

2022 වසරේ පෙබරවාරි මාසයේ සිට SLIIT විසින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසුන් හට ඕස්ට්‍රේලියාවේ පිහිටි කීර්තිමත් ඉහළම සරසවි 8 අතර ශ්‍රේණිගත වී ඇති (Go8) විශ්ව විද්‍යාලවලින් එකක් වන ලොව ප්‍රසිද්ධියට පත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UQ) වෙත මාරු වීමට ඉතා දුර්ලභ වූ අවස්ථාවක් සලසාදී ඇත. UQ සහයෝගීතාවය ඇතිව ජාත්‍යන්තර මට්ටමේ උපාධි වැඩසටහන් පිරිනැමීමේ දකුණු ආසියාවේ ප්‍රමුඛයා ලෙස SLIIT සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර තිබේ. මෙම සුවිශේෂී වූ අවස්ථාව මඟින් ශ්‍රී ලාංකික හෝ වෙනත් සිසුන් සඳහා ප්‍රමුඛ පෙළේ පර්යේෂණ හා ඉගැන්වීම් ආයතනයකින් උපාධියක් ලබා ගැනීමට ලාභදායී විකල්ප අවස්ථාවක් සපයාදෙනු ලබයි.

2022 වසරේ QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 134කින් පැමිණෙන සිසුන් 50,000කට අධික සංඛ්‍යාවක් සිටින UQ ලෝකයේ #47 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත. UQ ඕස්ට්‍රේලියාවේ පිහිටි අනෙකුත් විශ්ව විද්‍යාලවලට වඩා ජාතික ඉගැන්වීමේ සම්මාන ද දිනාගෙන ඇත.

සරසවි තුනක සහ ඉගැන්වීමේ මධ්‍යස්ථාන 40 ක එකතුවක් වන UQ එහි 100කට වැඩි පර්යේෂණ මධ්‍යස්ථානවල සහ Siemens, Boeing, Rio Tinto, Pfizer, Baosteelආදී සහ වෙනත් ගෝලීය පර්යේෂණ හවුල්කරුවන් 400 වැඩි පිරිසක් සමඟ සිසුන්ට පර්යේෂණ අවස්ථා සපයා දෙනු ලබයි.

ඉහළම ශාස්ත්‍රීය උගතුන් ශ්‍රේණිගත කරනු ලබන හා ඉහළම උපාධි ප්‍රතිඵල සඳහා කීර්තියක් උසුලනු ලබන විශ්ව විද්‍යාලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පිහිටි UQ  විශ්ව විද්‍යාලයඑරට තුළ වඩාත් පිළිගැනීමට පාත්‍ර වී තිබේ. මෙම පිළිගැනීම UQ සඳහා ජාත්‍යන්තර වශයෙන් සිසුන්ගේ ඉහළ ඉල්ලුමට හේතු වී ඇත.

SLIIT හි දිගුකාලීන කැපවීම සමඟින් ඉහළ සුදුසුකම් ලත් අධ්‍යයන කාර්ය මණ්ඩලය හරහා ඉගැන්වීමේ සහ ඉගෙනීමේ විශිෂ්ඨත්වය සමඟින් UQ වැඩසටහන් සඳහා ඇතුළත් වන සියලුම දෙනාට කුසලතා සහිත දක්ෂ ගුරුවරුන් හා සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ.

ඉංජිනේරු සිසුන්ට B.Sc (ගෞරව), සිවිල් ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව හෝ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු (ගෞරව) වැනි පාඨමාලා UQ වැඩසටහන් වලින් තෝරා ගත හැකිය. එසේම, ව්‍යාපාර විෂය හදාරන සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ උපාධිය, වාණිජවේදී උපාධිය, ආර්ථික විද්‍යාවේදී උපාධිය හැදෑරීමටද අවස්ථාව ලැබේ. UQ වෙත මාරු වීමට පෙර ඉංජිනේරු සහ ව්‍යාපාර පාඨමාලා වැඩසටහන් සඳහා SLIIT හි වසර දෙකක සහ එක් අවුරුදු අධ්‍යයන කාලයක් ඇතුළත් වේ.UQ වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමට සිසුන් සෘජුවම SLIIT වෙත අයදුම් කළ යුතු අතර, සිසුන්ට සහාය වීමට සහ UQ වෙත ඔවුන්ගේ ස්ථාන මාරුවීම සඳහා සහාය වීමට කැපවූ කාර්ය මණ්ඩලයක් ඉදිරිපත්ව සිටියි.

සමාජයට දීර්ගකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කරමින් බලපෑම්කාරී වෘත්තීන් ගොඩනඟා ගැනීමට නායකත්ව හැකියාවන් ඇති උපාධිධාරීන් බිහි කිරීම සඳහා UQ සුපැහැදිලි කීර්තියක් අත්පත් කරගෙන ඇත. UQ වෙතින් උපාධියක් හිමිකර ගැනීම යනු අනාගත රැකියා අවස්ථා හෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා වූ සම්පතකි.UQ උපාධිධාරීන් හට ඔවුන්ගේ වේගවත් ප්‍රවේශය හේතුවෙන් ගෝලීය වශයෙන් වෘත්තිකයන් ලෙස ඉහළ ඉල්ලුමක් පවතියි.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...