27 C
Colombo
Monday, May 6, 2024

මන්ත්‍රීවරු පුස්තකාලයෙන් වැඩිපුරම ගත්තේ ප්‍රබන්ධ කතා – කතානායක

- Advertisement -

2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇත්තේ පොත් 330 ක් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින්.

එම පොත් අතරින් 122ක්ම ප්‍රබන්ධ කථා බවද කථානායකවරයා වැඩිදුරටත් පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතා සිදු කල විශේෂ ප්‍රකාශය පහතින්.

“තවද පුස්තකාලයෙන් මන්ත්‍රීවරු ලබාගත් පොත්වලින් 94 ක් දේශපාලන විද්‍යාව සහ 27 ක් සමාජ විද්‍යාව පිළිබඳ ය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් 11 ක්, විද්‍යාව පිළිබඳ පොත් 5 ක්, නීති පොත් 4 ක්, තාක්ෂණය පිළිබද පොත් 3 ක්, අධ්‍යාපන ග්‍රන්ථ 1 ක් සහ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ 1 ක් වශයෙන් මන්ත්‍රීවරු ලබා ගෙන ඇති තොරතුරු වාර්තා වේ. මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකට මෙය යහපත් නොවන තත්ත්වයකි.

සූදානමක් හා විෂය කරුණු පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා අපහාස, බොරු චෝදනා, පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව විවාදයන් තුළ භාවිතා වීම සහ බොහෝ ප්‍රකාශ රජයට මග පෙන්වීමට වෙනුවට දේශපාලන වාසියක් ලබා ගැනීමට භාවිතා කිරීම මේ නිසා දක්නට ලැබේ. මෙම තත්ත්වය අවසානයේ ලැජ්ජාසහගත පාර්ලිමේන්තු විරෝධී හැසිරීමක් දක්වා වර්ධනය වීමට හේතුවී තිබේ.

කථානායකවරයා වශයෙන්, මෙම සභාව ඵලදායී ලෙස පැවැත්වීම සහ සියලුම මන්ත්‍රීවරයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මගේ වගකීමයි. සභාව, එහි ස්ථාවර නියෝග සහ අනෙකුත් ක්‍රියා පටිපාටි සැලසුම් කර ඇත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමටය. මෙම ආයතනයේ අභිමානය සහ ගෞරවය රැකීම සියල්ලන්ටම වඩා ප්‍රමුඛතම යුතුකමක් බව සියලුම සාමාජිකයන් තේරුම් ගත යුතුය. ජනතාවට මේ සභාව ගැන විශ්වාසය නැති වෙනවා නම් ඉන් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නැති වෙනවා යන්නයි. එහි ප්‍රතිවිපාක මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට සහ පුරවැසියන්ට බලපානු ඇත.
ඒ බව තේරුම් ගෙන ජාතික අවශ්‍යතාවට අනුව කටයුතු කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මේ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

මෙම ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට සහ ගුණාත්මකව පවත්වා ගැනීමට සහ එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මා සමඟ සාකච්ඡා කිරීමට මට උදව් කරන ලෙස මම ඔබ සැමගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම ප්‍රධාන සංවිධායකවරුන් දෙදෙනාම වඩාත් වගකීමෙන් ක්‍රියාකර තම තමන්ගේ පාර්ශ්වයට මඟ පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. විවාදවල ගුණාත්මක භාවය සහ සාමාජිකයින්ගේ හැසිරීම වැඩිදියුණු කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා මා පහත යෝජනා කෙටුම්පත් කර ඇත.”

● ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යාලයක් හරහා, විශේෂයෙන්ම මන්ත්‍රීවරයන්ට අයවැය සහ කාර්ය සාධනය පිළිබඳ ස්වාධීන දැක්මක් ලබා දීම

● ආර්ථික විද්‍යාව, තාක්‍ෂණය, කළමනාකරණය, නායකත්වය, සමාජ විද්‍යාව වැනි මාතෘකා පිළිබඳ ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් සහ පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වූ පසු සවස් කාලයේ ඕනෑම මන්ත්‍රීවරයකුට පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටිය හැකි වෙනත් අදාළ මාතෘකා පිළිබද දැනුවත් කිරීම්.

● වෙනත් භාෂාවක් ප්‍රගුණ කිරීමට හෝ අධ්‍යාපනය හැදෑරීමට කැමති මන්ත්‍රීවරයන් සඳහා භාෂා සහ අධ්‍යාපන පහසුකම් සැපයීම. 

“මෙම යෝජනා සඳහා කිසියම් වැඩිදියුණු කිරීමක් හෝ නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් වඩා හොඳ ක්‍රියාකාරී ගෞරවනීය පාර්ලිමේන්තුවක් සහතික කිරීම සඳහා වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසත් මම සියලුම මන්ත්‍රීවරයන්ට ආරාධනා කරමි.”

RECENT ARTICLES - SINHALA

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...