28 C
Colombo
Saturday, May 4, 2024

සාලාව අවිගබඩාවෙන් විසිවුණ මෝටාර් උණ්ඩයක් වසර 5 කට පසුව පුපුරයි

- Advertisement -

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිනි ගත් අවස්ථාවේ ඉන් විසිවී තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් ඒ අසල නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබෙනවා.

එම මෝටාර් උණ්ඩයක කොටස වසර 5 කට පසුව පුපුරා යාමෙන් 15 දරුවෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන දිනෙත් සත්මිර නමැති පාසල් සිසුවෙක්.

පොලිසිය පවසන්නේ ඊයේ (27) සවස 5.53 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර මෙම සිසුවා එම ස්ථානයේ පාඩම් කරමින් සිට ඇති බවයි.

එම ස්ථානයේ තිබූ මිලි මීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු වලට යොදන උණ්ඩ කොටසක් මෙසේ පිපිරී ඇති බවට පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විටින් විට එම ප්‍රදේශයෙන් හමු වූ මෙවැනි බෝම්බ කොටස් ආරක්ෂක අංශ විසින් ගෙන ගොස් තිබූ අතර සමහර පුද්ගලයන් නිවාස සහ ගෙමිදුල අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...