31 C
Colombo
Friday, May 3, 2024

මෝදර- මට්ටක්කුලිය කොටසක් අරිනවා- දිලිත්ගේ නාලිකාවේදී හමුදාපති කියයි

- Advertisement -

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

ජනාධිපතිවරයාට හිතවත් දිලිත් ජයවීර මහතාගේ පෞද්ගලික රූපවාහිනී නාළිකාව වන දෙරණ රූපවාහිනියේ වැඩසටහනට සුපුරුදු ලෙස එක්වූ යුද හමුදාපතිවරයා ඒ බව පවසා ඇත. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශවල හුදකලාභාවය තවදුරටත් පවතින බවය.

ඒ අනුව, 

  • මට්ටක්කුලිය රන්දිය උයන 
  • මෝදර මෙත්සඳ සෙවණ 
  • මෝදර මිහිජය සෙවණ 
  • ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන 
  • ග්‍රෑන්ඩ්පාස් සමගිපුර 
  • දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.

තවත් නිවාස සංකීර්ණ 7ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරය,

“අපි 7 වෙනිදා කරනු ලැබුවා මෙත්සද සෙවණ 986ක්. ඒ සියල්ලම පරීක්ෂණයට ලක්කලා 86 දෙනෙක් ආසාදිතයින්  හමුවුණා. ඒ වගේම මට්ටක්කුලියේ රන්දිය උයන 1264ක මේ ආකාරයෙන් පරීක්ෂණ කරනු ලැබුවා. එයින් 40 දෙනෙක් කොවිඩ් ආසාදිත බවට වාර්තා වුණා. ඊට අමතරව මෝදර මිහිජය සෙවණ නිවාස 554ක පීසීආර් පරීක්ෂණ සිදුකළා. එයින් 78ක් ආසාදිත වුණා. ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන 870ක් නිවාස තිබෙනවා. ඒ සියල්ල පීසීආර් පරීක්ෂණ සිදුකළා. එහිදී 24 දෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වුණා. සමගිපුර නිවාස සංකීර්ණයේ 260ක් පීසීආර් කරලා දෙදෙනෙක් ආසාදිතයින් හමුවුණා. මිහිදුසෙත්පුර 840ක් නිවාස පරීක්ෂණයට භාජනය කරලා 34ක් ආසාදිතයින් ලෙස හමුවුණා. ආසාදිතයින් එම නිවාසවලින් ඉවත් කර ගනු ලැබුවා. ඒ අනුව මේ නිවාසවල කොවිඩ් ආසාදිතයින් නැති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් මේ මොහොතේ සිට මේ කියන නිවාස සංකීර්ණ හුදකලාභවයෙන් ඉවත් කරනු ලබනවා. ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ 6 හුදකලාභාවයෙන් ඉවත් කරනවා. තව තියෙනවා නිවාස සංකීර්ණ 7ක්. ඒවා තවදුරටත් පරීක්ෂණයට භාජනය කරනවා. දැනට නිවාස සංකීර්ණ හුදකලා කළ ප්‍රමාණයනේ තුනෙන් දෙකක් හිටියේ මේ නිවාස සංකීර්ණ 6 තුළ.  තුනෙන් එකක වගේ කොටසක් ඉතුරු නිවාස සංකීර්ණ 7 තුළ තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පැය 48 හෝ 72 ඇතුළත හුදකලාභාවයෙන් ඉවත් කිරීමට.“

RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...