27 C
Colombo
Friday, May 3, 2024

තමන් පිරිමියෙකු බව කී ‘හිටපු නිළිය’ එලියට් පේජ්- මාවල් චරිතයකට?

- Advertisement -

එකම එක පුංචි නිවේදනයකින් හොලිවුඩයේ වැඩිම කතාබහට ලක්වන තරුව වූ එලියට් පේජ්ට මාවල් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයක් ලැබෙනු ඇතැයි දැන් පුවත් පැතිරෙනවා. මාවල් ස්ටුඩියෝස් ආයතනය හොලිවුඩයේ ලොකු කතාබහකට ලක් වූ එලන් පේජ්ගේ පුවත ගැන අවධානය යොමු කළාලු. ඔහුට ගැලපෙන චරිතයක් තිබේදැයි ඔවුන් සලකා බලනවාලු.

2020 දෙසැම්බර් මාසයේ මුලදී, ලෝකයේ දහස් ගණනක් මාධ්‍යවල අවධානයට ලක්වෙමින් ‘එලියට් පේජ්’ සමාජයට ආවා. මෙතෙක් එලන් පේජ් ලෙස සිටි ඔහු තමන් සංක්‍රාන්ති ලිංගිකයෙකු බව ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයකින් කීවා. ඔහු සංක්‍රාන්ති ලිංගික, එහෙත් ‘නන් බයිනරි’ කෙනෙකු ලෙස ඉදිරියේදී පෙනී සිටීවි. එනම්, පිරිමි සහ ගැහැණු අනන්‍යතා දෙකේම ලක්ෂණ සහිත ස්වාධීන කෙනෙකු ලෙස.

මෙතෙක් කාන්තා චරිත රඟපෑ ඔහු, මින් ඉදිරියට පිරිමි හෝ ලිංගික අනන්‍යතාවයක් නොමැති චරිත රඟපානු ඇති. අනිවාර්යයෙන්ම හොලිවුඩයේ දැවැන්ත අවස්ථා ගණනාවක් ඔහුට විවෘත වීමට නියමිතයි.

එලන් පේජ් ලෙස ඔහු එක්ස් මෙන් චිත්‍රපටි කිහිපයක කිටී ප්‍රයිඩ් ලෙස රඟපෑවා. ජුනෝ චිත්‍රපටියේ රඟපෑම නිසා ඔස්කාර් සම්මානයකටත් නිර්දේශ වුණා.

THE UMBRELLA ACADEMY ELLEN PAGE as VANYA HARGREEVES in episode 205 of THE UMBRELLA ACADEMY Cr. CHRISTOS KALOHORIDIS/NETFLIX © 2020

එලන් පේජ් මීට කලින් 2014 දී තමන් ‘සමලිංගික’ කාන්තාවක බව ප්‍රසිද්ධියේ කියා තිබුණා. ඔහු 2020 දී තමන්ගේ ‘පිරිමි ආත්මය’ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරමින්, එලියට් පේජ් ලෙස පෙනී සිටියා. ඉදිරියේදී ඔහු චිත්‍රපටිවල රඟපානු ඇති.

ලෝකයේ සමකාමී, සංක්‍රාන්ති ලිංගික මිනිසුන් සමාජයට බයෙන් සැඟවී සිටියා. එහෙත් ප්‍රකට චරිත තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ කියද්දී, අභිමානයෙන් ඒ ගැන කතා කරද්දී වැඩි වැඩියෙන් තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ කියන්නට ඒ මිනිසුන් සමත් වෙනවා. ශ්‍රී ලංකාවේ භූමි හරේන්ද්‍රන් ප්‍රසිද්ධියේ තමන්ගේ අනන්‍යතාවය ගැන ආඩම්බරයෙන් කතා කරද්දී එය තවත් බොහෝ දෙනෙකුට බලපානවා වගෙයි.

පසුගිය දශක දෙකක් තිස්සේ එලන් ඩිජෙනරස් වැනි තරු තමන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ කීවා. එයින් පසු, විශාල වෙනසක් සිදු වුණා. දැන් හොලිවුඩයේ බොහෝ දෙනෙක්, ප්‍රසිද්ධියේ සමකාමී, සංක්‍රාන්ති ලිංගික, අලිංගික පුද්ගලයන් ලෙස ජීවත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...