26 C
Colombo
Sunday, May 19, 2024

ජීවන වියදම ඉහළ යන්නේ රුසියානු – යුක්‍රේන ගැටුම නිසා; වරද අපේ නොවේ…!

- Advertisement -

ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

ඒ, ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූ‍ලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මීට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනයට පහරදීම බවත් ඊට රජයේ වරදක් නොමැති බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් කුමාර මහතා,

“අතිශය බරපතළ කාරණාවකට තමයි මේ වනවිට ලෝකය මුහුණ දෙන්න පටන් ගත්තේ. රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමේ තත්වය. මේ තත්වය ලෝකයේ හැම රටකටම යම් යම් ආකාරයෙන්, ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් බලපෑම් සිදුකරනවා. මේ තත්වය තුළ අපේ රටට විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය දෙකම අපේ හොඳ මිතුරෝ.

එවැනි තත්වයක් තුළ අපට මේ රටවල් දෙකත් එක්ක තියෙන සම්බන්ධතා මේ යුධමය වාතාවරණයත් එක්ක ගිළිහෙන්න පුළුවන්. එවැනි තත්වයක් තුළ අපට අපේ නිෂ්පාදන, විශේෂයෙන්ම තේ යැවීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – රුසියාව විශාල වශයෙන් අපෙන් තේ අරගෙන අපට උදව් කරනවා, විවිධාකාරයෙන් සහයෝගය දෙනවා. යුක්‍රේනයත් විවිධාකාරයෙන් සහයෝගය දීලා තියෙනවා –

ඉතින් මේ රටවල් දෙකේ ප්‍රශ්නය අපිව තවත් බරපතළ අර්බුදයකට වට්ටයි කියන අවිනිශ්චිත තත්වයක් තියෙනවා. ලෝකයේ ගත්තත් තත්වය අවිනිශ්චිතයි, මේක ඊළඟ තවත් යුද්ධයකට දික් ඇදෙයිද කියන කාරණාවෙදි. ඩොලර් ප්‍රශ්නය ආවෙත්, ආර්ථික පරිහානිය ආවෙත්, ජීවන වියදම ඉහළ ගියෙත් අපේ විතරක් නෙවෙයි.

දැන් මේ වියදම ඉහළ යන එක අද තියෙන තත්වය වඩා දෙතුන් ගුණයකින් වැඩිවෙනවා හෙට අනිද්දා වෙනකොට මේ රුසියාව සහ යුක්‍රේනය අතර ප්‍රශ්නත් එක්ක. එතකොට ආයෙ තෙල් මිල දැනටත් වැඩිවෙන්න පටන් ගත්තා, ගෑසුත් වැඩිවෙයි, ඒ වගේම ඩොලර් හිඟය අපට තවත් වැඩිවෙනවා අපේ නිෂ්පාදන යවාගන්න බැරිවෙනකොට. ඒ අර්බුද ඔක්කොම එනකොට ආයෙ මේ රටට බලපානවා. මේවා අපි දාගත්ත ඒවා නෙවෙයිනෙ. රුසියාවටයි යුක්‍රේනටයි ගහගන්න කියලා අපි කියලා නෑනෙ”

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...