33 C
Colombo
Friday, May 3, 2024

අර්බුදයේ වරද ඔහුගේ විතරක් නොවෙයි – ඇමති අමරවීර

- Advertisement -

රජයේ වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙක් ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්‍රියාවලියේම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ජනතාව දොස් කියන්නේ හා විරෝධය පාන්නේ එක් අයකුට නොව ආණ්ඩුවටම බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති බවත්, රටේ පවතින තත්වයට වගකිව යුතු තවත් මැති ඇමතිවරුන් හා නිලධාරීන්ද සිටින බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 සමඟ මෙන්ම ඊට අයත් නොවන පක්‍ෂ සමඟත් එක්ව කටයුතු කරන බව කී ඇමතිවරයා ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරු කණ්ඩායමකුත් ද තම පක්‍ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කරනවා.

රටේ පවතින ප්‍රශ්න විසඳනතුරු ඕනෑම විරෝධතාවයක් සාර්ථක වන බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අය බවත් පවසනවා

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...