34 C
Colombo
Monday, May 6, 2024

ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට පකිස්තාන කතානායකවරයා‍ට ‍චෝදනා

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කළ බවට පාකිස්තාන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට විපක්ෂ නායකයින් වන ෂෙහ්බාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝ-සර්දාරි දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැසියක් සඳහා ඉල්ලීමක් ලැබීමෙන් පසු දින 14 ක් ඇතුළත පහළ මන්ත්‍රණ සභා රැස්වීමක් කැඳවිය යුතු බවට වූ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය උල්ලංඝනය කළ බවට ඔවුන් මෙසේ කතානායකවරයාට ‍චෝදනා නගා ඇත.

ජාතික සභාවේ විපක්ෂ නායකයා කියා සිටියේ කථානායක අසාද් කයිසර්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රැස්වීම මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 (3) වගන්තිය හිතාමතාම උල්ලංඝණය කර ඇති බවයි.

ව්‍යවස්ථාපිත කාලසීමාව අවසන් වන තෙක් බලා නොසිට ඔහුට කලින් සැසිය කැඳවිය හැකිව තිබු බව විපක්ෂ නායකයෝ සඳහන් කරති.

මේ අතර පස්කිස්ථාන මහජන පක්ෂයේ සභාපතිවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විශ්වාසභංගය මග හැරීමට උත්සාහ කරන බවයි.

මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය බබාර් අවන් මාර්තු 25 වැනි දින සැසිවාරය කැඳවීමට කථානායකවරයා ගත් තීරණය ආරක්ෂා කළ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...