28 C
Colombo
Saturday, May 4, 2024

ජනතාව මානසිකව වැටෙන්නේ පෝළිම් TV එකේ පෙන්නුවාමයි..! – කෙහෙළිය

- Advertisement -

ජනමාධ්‍ය මගින් පෙන්වන ඇතැම් දේ ජාත්‍යන්තරය කරා යන බවත්, ඒ හරහා රටේ ප්‍රශ්නවලට ජාත්‍යන්තර මාධ්‍ය තුළද වැඩි ඉඩක් හිමිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ, මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගිවෙමින්.

මෙම තත්වය රටට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

රටේ ප්‍රශ්න ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම හේතුවෙන් රටට හිමිවන සීමිත ආයෝජන පවා අහිමිව යා හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් බරපතල අර්බුදයට ගොස් ඇති බවත්, එය ශ්‍රී ලංකාවට පමණක් අදාල නොවන තත්වයක් බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

දිනපතා පෝලිම්වල රස්තියාදුවෙමින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවගේ එම පීඩනය තවදුරටත් වැඩි කරන්නේ ජනමාධ්‍ය ආයතන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටින ජනතාව පිළිබඳව විටින් විට වාර්තා කිරීම හරහා ජනතාවගේ පීඩනය තවදුරටත් ඉහළ යන බව පෙන්වා දෙන ඇමතිවරයා ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ජනතාව පෝලිම්වල සිටින දර්ශන නැවත නැවත ප්‍රචාරය නොකරන ලෙසයි.

දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් ආතතියට පත් නොකරන්නැයි ඔහු ඉල්ලා සිනවා.

පවත්නා අර්බුද ආණ්ඩු මාරුවක් හෝ ඔලුගෙඩි මාරුවක් තුළින් විසඳා ගත නොහැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ අර්බුදයට විසඳුම් සෙවීමට බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. පවතින තත්වය තේරුම් ගෙන ඊට සහභාගි වී තම යෝජනා ඉදිරිපත් කිරීමට පක්ෂ කිහිපයක් හෝ තීරණය කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස හඳුන්වන ඇමතිවරයා පවසන්නේ අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාර්ශ්ව සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...