28 C
Colombo
Saturday, May 4, 2024

ෆේස්බුක් යනවානම් ලියාපදිංචි වෙන්න! අපි ඒවා පාලනය කරනවා! -කෙහෙළිය

- Advertisement -

මුහුණු පොත (ෆේස්බුක්) ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයන් ලියාපදිංචි කරන බව කියා ඇත.

ඔහු එහිදී කෙළින්ම කියා ඇත්තේ සමාජ මාධ්‍ය ‘පාලනයක් තිබිය යුතු’ බවය.

ඔහුගේ ප්‍රකාශය මෙසේය.

‘සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා විෂමතාවයන් එක්ක සමාජ මාධ්‍ය පාලනයක් තිබිය යුතුයි කියලා අපි හිතනවා. ඒ එක්කම සමාජ මාධ්‍ය සහ මුහුණු පොතවල්වල සැරිසරන අය ලියාපදිංචිවීමේ වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශය හදලා තියෙනවා.’

මීට පෙර අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමාජ මාධ්‍ය නියාමනය සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි. එම මධ්‍යස්ථානයෙන් සමාජ මාධ්‍යවල කටයුතු කරන පුද්ගලයන් නිරීක්ෂණය කරමින් තොරතුරු එකතු කිරීමට සැලසුම් කර තිබුණි.

පුවත්පත් වෙත අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අතුල විතානවසම් ඇතුළු ඇතැම් විචාරකයන් චෝදනා කරන්නේ රජය මෙලෙස සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරමින්, ආණ්ඩුවට විරුද්ධ අදහස් තිබෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...