33 C
Colombo
Friday, May 3, 2024

වත්තල කොළඹ 16 ලෙස නම් කරනවා – ලන්සා

- Advertisement -

වත්තල නගරය කොළඹ දිස්ත්‍රික්කයට සම්බන්ධ කර එය කොළඹ 16 ලෙස නම් කරන බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසා ඇත.

ඒ දෙසැම්බර් 20 වැනි දින දික්ඕවිට, කෙරවලපිටිය කර්මාන්තපුර ප්‍රවේශ මාර්ගය කාපට් ඇතිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසීය.

‘‘වත්තල කියන්නේ කුණු ගොඩක් නොවෙයි. ලංකාවේ කුණු කසළ දැන් වත්තලට ගේනවා. මුතුරාජවෙල අභයභූමිය විනාශ වෙලා. මහ පරිමාණ ව්‍යාපාරිකයෙක් මුතුරාජවෙල අභයභූමියේ අක්කර 600ක් අල්ලගෙන නීතිවිරෝධි ව්‍යාපෘති ආරම්භ කරනවා. මේ සියලු කටයුතුවලට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 123ක වියදමින් කිලෝමීටර් දෙකයි දශම දෙකක් දිග මාර්ගය කාපට් කරනවා.

මෙම මාර්ගය තමයි වත්තල ඇති ප්‍රධානතම මාර්ගය. කර්මාන්තපුරයේ විදුලි බලාගාරය, ගෑස් කර්මාන්ත ශාලාව හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදි වැදගත් ආයතන රැසක් ඇති ප්‍රදේශයක් මේක. මෙහි ඇවිදීමේ මංතීරුවකුත් හදනවා.

අපි හදන මෙම මාර්ග කොන්ත්‍රාත්කරුවන්ට දෙන්නේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියේ දක්ෂ ඉන්ජිනේරු මෙන්ම දක්ෂ නිලධාරීන් ඉන්නවා. මින් ඉදිරියට ඒ අය තමයි මේ සියලු කාර්යයන් සිදුකරන්නේ.’’

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...