33 C
Colombo
Friday, May 3, 2024

චීනය කාම්බෝජය සමගත් ආරක්ෂක ගිවිසුමකට

- Advertisement -

එක්සත් ජනපදය සමඟ වැඩෙන තරඟකාරිත්වය මධ්‍යයේ කලාපීය ආරක්ෂක සබඳතා ගැඹුරු කිරීමට උත්සාහ කරන චීනය, කාම්බෝජ හමුදා සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

රටවල් දෙකෙහි ගොඩබිම් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් බ්‍රහස්පතින්දා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ගිවිසුමට අත්සන් තැබූ බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් වූ ක්වාන් බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

කෙසේවෙතත් ගිවිසුම පිළිබඳ තොරතුරු කිසිවක් හෙළි නොකිරීමට ඔහු පරිස්සම් වූ බව විදෙස් වාර්තා පවසයි.

මහජන විමුක්ති හමුදා ගොඩබිම් බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් ලියු ෂෙන්ලි සහ රාජකීය කාම්බෝජ හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී ජෙනරාල් හන් මැනට් විසින් ගිවිසුමට අත්සන් කරන ලදී.

චීනය සිය යුධ නැව්වලට ඕස්ට්‍රේලියානු වෙරළේ සිට කිලෝමීටර් 2,000ක් (සැතපුම් 1,200) පමණ දුරින් පිහිටි සොලමන් දූපත් සමඟ ද පසුගිය දා ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...