33 C
Colombo
Friday, May 3, 2024

මිලියන නවයක බඩගින්න ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ ජනතාව මුහුණ දෙමින් සිටින පෙර නොවූ විරූ මානුෂික අර්බුදය පිළිබද යළි ලෝකයට කුණු අවධාරණය කරමින් රටේ මිලියන නවයක ජනතාවක් සාගතයේ අවදානමට ලක්ව සිටින බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය අවදානම් සහගත ලෙස කඩා වැටී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සහ එහි හවුල්කරුවන්ට ජීවිතාරක්ෂක ආධාර අඛණ්ඩව සැපයීමට හැකිවන පරිදි රට වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ගුටරෙස් ට්විටර් ඔස්සේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේය.

“පසුගිය මාස කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයේ මානුෂික තත්ත්වය භයානක ලෙස පිරිහී ඇත.මිලියන 9 ක ජනතාවක් සාගතයේ අවදානමට ලක්ව ඇත. අපගේ ආයචනය වෙනුවෙන් කඩිනමින් අරමුදල් සපයන ලෙස මම පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිමි. එවිට එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන්ට අඛණ්ඩව ආධාර සැපයිය හැකියි” යනුවෙන් එම ට්විටර් පණිවුඩයෙහි සඳහන් විය.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථාන රජය බිඳ වැටී තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ හටගත් බරපතල මානව හිමිකම් කඩවීම් නොනැවතී සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

එපමණක් නොව පෙර නොවූ විරූ මානුෂික අර්බුදයකට ඇෆ්ගනිස්ථානයේ ජනතාව මුහුණ දෙමින් සිටින බව වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන් එක්සත් ජනපදය ආධාර අරමුදල්වලින් සහ ගෝලීය මුල්‍ය පද්ධතියට ප්‍රවේශ වීම ඇෆ්ගනිස්ථානයට අවහිර කර තිබීම ද එම තත්ත්වයට හේතු වී ඇතැයි සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...