34 C
Colombo
Friday, May 3, 2024

ඉන්ධන පෝළිමේ දෙදෙනෙක් මරුට

- Advertisement -

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දංකොටුව නගරය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පෞද්ගලික ඇඟලුම්හලක සේවක සේවිකවන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ රියදුරෙකු ඊයේ (09) රාත‍්‍රී 8.30 පමණ හදිස්සියේම ඇතිවූ රෝගතුර තත්වයක් හේතුවෙන් දංකොටව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව දංකොටුව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ගෝනවිල එලිවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එච් ඒ චමින්ද පුෂ්පකුමාර නැමති පුද්ගලයෙක්.

මියගියා පුද්ගලයා ධාවනය කරනු ලබන බස්රථයට ඉන්ධන ලබාගැනීම සඳහා දින දෙකක පමණ කාලයක් මෙම ඉන්ධන පිරවුම්හල අසළ පෝලිමේ සිට ඇතිබවද සඳහන්වේ.

මේ අතර මීගමුව – දංකොටුව මාර්ගයේ අද (10) උදෑසන 7.00 ට පමණ තඹරවිල ඉන්ධන පිරවුම්හලෙන් මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව රෝදවලට හුළං ගසා ගැනීම සඳහා නවතා තැබීමෙන් පසු මෝටර් රථය තුළම මියගොස් සිටි බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොච්චිකඬේ දඵවකොටුව තක්කියාපාර අංක 475,41 දරන ලිපිනයේ පදිංචි 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් මුහම්මදු ජසීම් නැමති අයෙක්.

RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...