33 C
Colombo
Friday, May 3, 2024

මුදල් මුද්‍රණය නැවැත්තුවාම ප්‍රශ්න එනවා..! – රනිල් 

- Advertisement -

තරුණයන්ගේ නැගිටීම වර්තමානේ දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඔවුන්ගේ නැගිටීම සම්ප්‍රදායික දේශපාලඥයින් පිළිගත යුතු බවයි ඔහු පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා,

“මේක වර්තමාන දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක්. මේක තමයි ළඟදී විශාලතම අපි දැකපු කණ්ඩායම. බස් නැතිව එක පණිවිඩයකින් ආවේ. ඉතාම සාමකාමීව පණිවිඩයක් දෙන්න ආවේ. නුවරත් තිබුණා. අනිත් තැන්වලත් තිබුණා. මෙතන බලය තහවුරු කළා.

දැන් ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ කණ්ඩායම. ජනපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. ප්‍රතිචාරයට සෑහිමකට පත්වුණේ නෑ. මේක පටන් ගත්තේ මධ්‍යම පංතියේ ව්‍යාපාරයක් ලෙස. ඉදිරියට ආවේ තරුණයින්. තරුණයන් කියන්නේ අපිට අපේ අනාගතය හදලා දෙන්න කියන්නේ. නැත්නම් අපි කරන්නම් කියන පණිවිඩය තමයි ඒ අය කියන්නේ.

තරුණයන් පළමුවෙන්ම කියන්නේ ගෝඨා ගෙදර යන්න කියලා. ගෝඨා තවම ගෙදර ගිහින් නෑ. ගෙදර යවලා තියෙන්නෙ මම විතරයි. ඒ කාලේදී මේ ගැන හිතලා බලන්න මට අවස්ථාව තිබුණා. අලුත් බලකේන්ද්‍ර ඇවිත් තියෙනවා. මේක දේශපාලඥයින්ට වැටහෙන්න ඕන මොකක්ද වෙන්නේ කියලා.

ඒ කාරණය වටහා ගන්නේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. මේ පෙරළිය විප්ලවයක්. මේක පුපුරනවා. පාර්ලිමේන්තුව ඉඳන් ආණ්ඩුව වෙනස් කරන්න කුමන්ත්‍රණ කරනවා. පිට ඉන්න තරුණ පිරිස බලන්නේ දේශපාලන පෙරළියක් ඇති කරන්න.

පළමුව පාර්ලිමේන්තුව එකතු කරන්න ඕන. මේ හානිය මෙතිනන් ඉවර වෙන්නේ නෑ. උද්ධමනය තවත් ඉහළට යනවා. ජූලි අගෝස්තු වන විට ජිවත්වෙන්න බැරි වෙනවා. මුදල් මුද්‍රණය කිරීම නැවැත්තුවාම ඒකෙනුත් ප්‍රශ්න එනවා. මහ බැංකුවෙන් පොලිය වැඩි කළා ඒවා කරන්න වෙනවා. ඒකෙන් කුඩා ව්‍යාපාරවලට වැදෙනවා.

තරුණයන් මේ රටේ තියාගන්න නම් අපි අලුත් දෙයක් කරන්න වෙනවා. මේක වැටිලා තියෙන නිසා අලුත් එකක් හදන්න පුළුවන්. තරගකාරි ආර්ථිකයක් ඇති කරන්න ඕන. ස්ථාවර භාවය ඇති කරලා සහන දීලා මේක කරන්න ඕන. අපිට යන්න තියෙන්නේ අලුත් ගමනක්. මේක අපි වටහා ගන්නේ නැත්නම් අපි පහුකරගෙන මේ අය මේ ගමන යයි.

ඔබේ පීඩනය මම දන්නවා. අනාගතය නැතිවිමේ භය මම දන්නවා. සාමකාමීව මේ වැඩේ කරනවා. ඒකට මම ප්‍රශංසා කරනවා. අපි ක්‍රමවේදය වෙනස් කරන්න ඕන. ඒක ව්‍යවස්ථාව තුළින් කරන්න ඕන. ඒ තුළින් ඒක කරන්න පුළුවන්. මම මේ තරුණ අයට කියනවා ඉදිරියට යන්න. සම්ප්‍රදායික දේශපාලඥයින්ට මම කියන්නේ අපි වෙනස් වෙන්න ඕන මේක වටහාගෙන අපි ක්‍රියා කරමු.”

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...