27 C
Colombo
Friday, May 3, 2024

ඉරාජ් ෆේල් – ගෝල්ෆේස් විරෝධතාවයට සංඝයා වහන්සේ එක් වෙයි

- Advertisement -

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට ශ්‍රී ලංකා අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක පදවිය දරන පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සංඝයාවහන්සේ රැසක් එක්ව තිබෙනවා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමඟ අද (11) විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණ රටේ ජනතාවට සහයෝගීතාව පළ කළා.

මහානායක හිමිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මහානායක හිමිවරුන්ගේ යෝජනාවලට නව රජයක් පත් කිරීම සහ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් ඇතුළත් වේ. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට නොහැකි වූ බැවින් එහි ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට භික්ෂූන් වහන්සේලා පිරිස සිය ඉල්ලීම් ඇතුළත් පෙත්සමක් භාර දී ඇත.

මේ අතර, අද පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ පැවති මහජන විරෝධතාවයට නන්දා මාලිනී ඇතුළු ප්‍රවීණ කලාකරුවන් පිරිසක්ද එක්ව සිටියා.

තවද එම විරෝධතාවයට රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ප්‍රමුඛ තවත් කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...