33 C
Colombo
Friday, May 3, 2024

ලංකාවට මංගල ගමන ආ සුඛෝපභෝගී මගී නැව අයත් සමාගම බංකොලොත්

- Advertisement -

Dream Cruise Lines සුඛෝපභෝගී මගී නෞකාවන් අයත් Genting Hong Kong සමාගම සිය බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ වන විට අධිකරණ නියෝග අනුව එම සමාගමේ වත්කම් ඈවර කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, හොංකොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබුණු Genting Hong Kong සමාගමේ කොටස් ගනුදෙනු 2022 ජනවාරි 18 දින සිට අත්හිටුවා තිබේ. තවද අදාළ ලැයිස්තුගත අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගමට මාස 18ක කාලයක් ලබා දී ඇති අතර 2023 ජූලි 17 වන එකී අවශ්‍ය සපුරාලීමට අපොහොසත් වුවහොත් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ද තීරණය වී තිබෙනවා.

Genting Hong Kong විසින් Dream Cruises දියත් කරන ලද්දේ ආසියානු වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කරන ලද මගී නෞකා සන්නාමයක් ලෙසිනි.  Explore Dream, Genting Dream හා World Dream යනුවෙන් අධිසුඛෝපභෝගී මගී නෞකා ත්‍රිත්වයක් Dream Cruises නෞකා සේවය සතුව තිබුණි. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, පිලිපීනය, ජපානය, වියට්නාමය හා චීනය යා කරමින් මෙම නෞකාවන් හි මුහුදු ගමන් දියත් වුණි.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...