34 C
Colombo
Friday, May 3, 2024

ඇමරිකාවෙන් සොලමන් දූපත් වෙත අනතුරු ඇඟවීමක්

- Advertisement -

සොලමන් දූපත් සහ චීනය අතර පසුගිය 22 වනදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ගැටලු සහගත බවත් මේ යටතේ චීනය සොලමන් දූපත් සමග කිසියම් මිලිටරි සබදතාවක් පවත්වාගෙන යන්නේ නම් තම රට “ඒ අනුව ප්‍රතිචාර දක්වනු ඇති බවටත් එක්සත් ජනපද නියෝජිතයන් අනතුරු අගවා තිබේ.

දකුණු පැසිෆික් දූපත් සමූහයේ චීන නාවික කඳවුරකට දොර විවර කළ හැකි බවට එක්සත් ජනපදය සහ අසල්වැසි රටවල් බිය පළ කර ඇති පසුබිමක ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකට චීනය සහ සොලමන් දූපත් අත්සන් කරනු ලැබීය.

ඉහළ මට්ටමේ එක්සත් ජනපද නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වන දා සොලමන් දූපත්වල හොනියාරා වෙත ගොස්, මේ සම්බන්ධයෙන් අගමැති මනස්සේ සොගවරේ ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමඟ විනාඩි 90 ක හමුවක් පවත්වා ඇත්තේ ඒ අනුවයි.

ගිවිසුම් ප්‍රකාරව මිලිටරි පැවැත්මක්, හමුදාව ස්ථාපනය කිරීමක් හෝ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම ඇඟවුමක දී එක්සත් ජනපදයට සැලකිය යුතු කනස්සල්ලක් ඇති වන අතර ඒ අනුව ප්‍රතිචාර දක්වනු ඇතැයි එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම මෙම සාකච්ඡාවලදී අවධාරණය කර තිබේ.

මීට පෙර, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් කියා සිටියේ ආරක්ෂක ගිවිසුමට සමාජ සාමය පවත්වා ගැනීම, මිනිසුන්ගේ ආරක්ෂාව, ආධාර, ස්වාභාවික විපත්වලට එරෙහිව සටන් කිරීම සහ ජාතික ආරක්ෂාව සඳහා හොනියාරා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඇතුළත් වන බවයි.

RECENT ARTICLES - SINHALA

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...